Sign in
Sign in
Sign in
Select Language
021

Al-Anbiya 21:63 قال بل فعله كبيرهم هاذا فاسالوهم ان كانوا ينطقون ٦٣

21:63
قَالَ
بَلۡ
فَعَلَهُۥ
كَبِيرُهُمۡ
هَٰذَا
فَسۡـَٔلُوهُمۡ
إِن
كَانُواْ
يَنطِقُونَ
٦٣
නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඒවා කතා කරන්නන් ලෙස සිටියේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේ ය.
Continue Reading

Read Tafsir

Ibn Kathir (Abridged)

How Ibrahim broke the Idols

Then Ibrahim swore an oath, which some of his people heard, to plot against their idols, i.e., to break them and destroy them after they had gone away and turned their backs, when they went out to their festival. They had a festival which they would go out to celebrate. Ab

…

How Ibrahim broke the Idols

Then Ibrahim swore an oath, which some of his people heard, to plot against their idols, i.e., to break them and destroy th

…
More Tafsirs

Read in Context

Chapter 21, Page 327, Juz 17

51. තවද මීට පෙර ඉබ්රාහීම්ට ඔහුට හිමි යහ මග අපි පිරිනැමුවෙමු. තවද ඔහු පිළිබඳ අපි දැන සිටින්නන් වූයෙමු. 52. ‘නුඹලා මෙහි (ඇලුම් කරමින්) රැඳී සිටින මෙම ප්‍රතිමාවන් කුමක් දැ? යි ඔහුගේ පියාණන්ගෙන් හා ඔහුගේ ජනයාගෙන් ඔහු විමසූ අවස්ථාව සිහිපත් කරනු. 53. ‘අපගේ මුතුන්මිත්තන් ඒවාට නැමදුම් කරන්නන් ලෙසින් සිටිනු අපි දුටුවෙමු යැ’යි ඔවුහු පැවසූහ. 54. ‘නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් පැහැදිලි මුළාවෙහි සැබැවින් ම සිටියෙහු යැ’යි ඔහු පැවසුවේ ය. 55. ‘නුඹ අප වෙත සත්‍යය ගෙන ආවෙහි ද? එසේ නැතහොත් නුඹ හාස්‍ය ලෙස කටයුතු කරන්නන් අතරින් කෙනෙකු දැ?’ යි ඔවුහු විමසූහ. 56. එසේ නො ව, නුඹලාගේ පරමාධිපති අහස් හා මහපොළොවෙහි හිමිපාණන් වේ. ඔහු වනාහි ඒවා මැව්වේ ය. ඒ සඳහා මම සාක්ෂිකරුවන් අතරින් වෙමි යැයි ඔහු පැවසුවේ ය. 57. තවද අල්ලාහ් මත දිවුරමින්. නුඹලා හැරී ගිය පසු නුඹලාගේ පිළිමවලට මම (උපාය මාර්ගික) සැලැස්මක් යොදමි. 58. පසුව ඔවුන් ඒ වෙත නැවත හැරී එනු පිණිස විශාල ප්‍රතිමාව හැර (සෙසු) ඒවා ඔහු කැබලිවලට පත් කළේ ය. 59. ‘අපගේ දෙවිවරුන්ට මෙය සිදු කළේ කවු ද? නියත වශයෙන් ම ඔහු අපරාධකරුවන් අතරින් වේ යැ’යි ඔවුහු පැවසූහ. 60. ‘ඒවා (පිළිම) ගැන දොස් නගන ඔහුට ඉබ්රාහීම් යැයි අමතනු ලබන තරුණයෙක් පිළිබඳ අපි අසා ඇත්තෙමු’ යි ඔවුහු පැවසූහ. 61. ‘එසේ නම් ජනයාගේ දෑස් ඉදිරිපිටට ඔවුන් දැකිය හැකි වනු පිණිස නුඹලා ඔහු ගෙන එනු යැ’යි ඔවුහු පැවසූහ. 62. අහෝ ඉබ්රාහීම්! අපගේ දෙවිවරුන්ට මේ දේ සිදු කළේ නුඹ දැ? යි ඔවුහු විමසූහ. 63. නැත. මෙය සිදු කළේ ඔවුන්ගෙන් මේ ලොකු ප්‍රතිමාවයි. එහෙයින් ඒවා කතා කරන්නන් ලෙස සිටියේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසනු යැයි ඔහු පැවසුවේ ය. 64. එවිට (පිළිතුරු දිය නොහැකි) ඔවුහු තමන් වෙතට ම හැරී "නියත වශයෙන් ම අපරාධකරුවෝ නුඹලා මය යැයි පැවසුවෝය". 65. ඔවුන් (අපහාසයට පත් වූ බැවින්) ඔවුන්ගේ හිස් පහතට හෙළනු ලැබීමෙන් පසුව "සැබැවින් ම මේවා කතා නො කරන බව නුඹ දන්නෙහිය" (යැයි පැවසුවෝය). 66. ‘අල්ලාහ් හැර දමා නුඹලාට කිසිදු ඵලක් නො දෙන එමෙන් ම නුඹලාට කිසිදු හානියක් නො කරන දෑට නුඹලා නැමදුම් කරන්නෙහු ද? යැ’යි ඔහු විමසුවේ ය. 67. නුඹලාට හා අල්ලාහ් හැර දමා නුඹලා නැමදුම් කරන දෑට විනාශය ම වේවා! නුඹලා වටහාගත යුතු නො වේ ද? 68. නුඹලා (යමක්) සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් නුඹලා ඔහුව පුලුස්සා දමා නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනු යනුවෙන් ඔවුහු පැවසුවෝ ය. 69. අහෝ ගින්න! නුඹ ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් වනු යැයි අපි පැවසුවෙමු. 70. තවද ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට ඔවුහු සිතුවෝ ය. එහෙත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු. 71. තවද ලෝවැසියන්හට එහි සමෘද්ධිය ඇති කළා වූ භූමියකට අපි ඔහු හා ලූත් මුදවා හැරියෙමු.

- Ruwwad Center

Notes and Reflections

You do not have any notes or reflections on this verse.

Notes placeholders

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran.Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran.Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute