Sign in
Sign in
Sign in
Select Language
018

Al-Kahf 18:95 قال ما مكني فيه ربي خير فاعينوني بقوة اجعل بينكم وبينهم ردما ٩٥

18:95
قَالَ
مَا
مَكَّنِّي
فِيهِ
رَبِّي
خَيۡرٞ
فَأَعِينُونِي
بِقُوَّةٍ
أَجۡعَلۡ
بَيۡنَكُمۡ
وَبَيۡنَهُمۡ
رَدۡمًا
٩٥
මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨ ය. එබැවින් නුඹලා ශක්තිමත්ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේ ය.
Continue Reading

Read Tafsir

Ibn Kathir (Abridged)

His Journey to the Land of Ya'juj and Ma'juj, and building the Barrier

Allah says of Dhul-Qarnayn:

ثُمَّ أَتْبَعَ سَبَباً

(Then he followed (another) way) meaning, he traveled from the east of the earth until he reached a place between the two mountains which were next to one another with a valley i

…

His Journey to the Land of Ya'juj and Ma'juj, and building the Barrier

Allah says of Dhul-Qarnayn:

ثُمَّ أَتْبَعَ سَبَباً

(Then he followed (another)

…
More Tafsirs

Read in Context

Chapter 18, Page 303, Juz 16

83. (අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු. 84. නියත වශයෙන් ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින් ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු. 85. එවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය. 86. හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේ ය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේ ය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු. 87. අපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසුව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේ ය. 88. තවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතු ය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු. 89. පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය. 90. හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නො කළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේ ය. 91. එලෙස ය. ඔහු සතුව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු. 92. පසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය. 93. ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේ ය. 94. අහෝ දුල් කර්නයින්! නියත වශයෙන් ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහු ය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැ? යි ඔවුහු විමසුවෝ ය. 95. මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨ ය. එබැවින් නුඹලා ශක්තිමත්ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේ ය. 96. කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේ ය. ඒ මත උණු කළ තඹ, මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේ ය. 97. එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නො දැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නො දැරූහ. 98. මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය. 99. එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු. 100. එදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු. 101. ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද ඔවුහු සවන් දෙන්නට නොහැකිව සිටියෝ ය.

- Ruwwad Center

Notes and Reflections

You do not have any notes or reflections on this verse.

Notes placeholders

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran.Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran.Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute