Sign in
Sign in
Sign in
Select Language
058

Al-Mujadila 58:10 انما النجوى من الشيطان ليحزن الذين امنوا وليس بضارهم شييا الا باذن الله وعلى الله فليتوكل المومنون ١٠

58:10
إِنَّمَا
ٱلنَّجۡوَىٰ
مِنَ
ٱلشَّيۡطَٰنِ
لِيَحۡزُنَ
ٱلَّذِينَ
ءَامَنُواْ
وَلَيۡسَ
بِضَآرِّهِمۡ
شَيۡـًٔا
إِلَّا
بِإِذۡنِ
ٱللَّهِۚ
وَعَلَى
ٱللَّهِ
فَلۡيَتَوَكَّلِ
ٱلۡمُؤۡمِنُونَ
١٠
නියත වශයෙන් ම රහස් සාකච්ඡා කිරීම දේවත්වය විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිවකින් ඔවුනට හිංසා කරන්නෙකු ලෙස ඔහු නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙත ය.
Continue Reading

Read Tafsir

Ibn Kathir (Abridged)

The Evil of the Jews

Ibn Abi Najih reported from Mujahid,

أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُواْ عَنِ النَّجْوَى ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنْهُ

(Have you not seen those who were forbidden to hold secret counsels, and afterwards returned to that which they had been forbidden,) He said, "The Jews." S

…

The Evil of the Jews

Ibn Abi Najih reported from Mujahid,

أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُواْ عَنِ النَّجْوَى ثُمَّ يَعُودُونَ لِمَا نُهُواْ عَنْهُ

(Have

…
More Tafsirs

Read in Context

Chapter 58, Page 543, Juz 28

5. නියත වශයෙන් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය)ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන් ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝ ය. තවද සැබැවින් ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත. 6. එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. එහෙත් ඔවුහු එය අමතක කළෝ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය. 7. නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දුටුවෙහි ද? තිදෙනෙකුගේ සාකච්ඡාවක් ඔහු සිව් වැන්නා ලෙස සිටිමින් මිස සිදු නො වනු ඇත. එමෙන් ම පස් දෙනෙකු අතර ඔහු ඔවුන්ගේ සයවැන්නා ලෙස සිටිමින් මිස නැත. ඊට වඩා අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඔවුන් කොතැනක සිටිය ද ඔහු ඔවුන් සමඟ මිස නැත. පසුව ඔවුන් සිදු කළ දෑ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට දන්වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය. 8. රහස් සාකච්ඡා කිරීමෙන් වළක්වනු ලැබූවන් නුඹ නො දුටුවෙහි ද? ඔවුන් කවර දෙයකින් වළක්වනු ලැබුවේ ද ඒ දේ වෙත ඔවුහු නැවත හැරී යති. පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා ඔවුහු සාකච්ඡා කරති. තවද ඔවුහු නුඹ වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුබ නො පැතූ දැයින් ඔවුහු නුඹට සුබ පතති. තවද අප පවසන දෑට අල්ලාහ් අපට දඬුවම් නො කරනුයේ මන් දැ? යි ඔවුන් තුළ පවසා ගනිති. ඔවුනට නිරය ප්‍රමාණවත් ය. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් යොමු වන ස්ථානය නපුරු විය. 9. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රහස් සාකච්ඡා කළ විට පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා සාකච්ඡා නො කරනු. එහෙත් යහපත හා බැතිමත් භාවය සඳහා සාකච්ඡා කරනු. තවද නුඹලා ඔහු වෙත රැස් කරනු ලබන අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු. 10. නියත වශයෙන් ම රහස් සාකච්ඡා කිරීම දේවත්වය විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිවකින් ඔවුනට හිංසා කරන්නෙකු ලෙස ඔහු නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙත ය. 11. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම්වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය. 12. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රසූල්වරයා සමඟ පෞද්ගලික කතාවක නිරත වන්නේ නම් නුඹලාගේ පෞද්ගලික කතාවට පෙර දානයක් ඉදිරිපත් කරනු. එය නුඹලාට යහපතකි. තවද වඩාත් පිවිතුරු ය. එසේ නුඹලා (හැකියාව) නො ලැබුවේ නම් (එය පවක් නො වේ.) එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය. 13. (දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නො කළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

- Ruwwad Center

Notes and Reflections

You do not have any notes or reflections on this verse.

Notes placeholders

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran.Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran.Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute