Sign in
Sign in
Sign in
Select Language
004

An-Nisa 4:157 وقولهم انا قتلنا المسيح عيسى ابن مريم رسول الله وما قتلوه وما صلبوه ولاكن شبه لهم وان الذين اختلفوا فيه لفي شك منه ما لهم به من علم الا اتباع الظن وما قتلوه يقينا ١٥٧

4:157
وَقَوۡلِهِمۡ
إِنَّا
قَتَلۡنَا
ٱلۡمَسِيحَ
عِيسَى
ٱبۡنَ
مَرۡيَمَ
رَسُولَ
ٱللَّهِ
وَمَا
قَتَلُوهُ
وَمَا
صَلَبُوهُ
وَلَٰكِن
شُبِّهَ
لَهُمۡۚ
وَإِنَّ
ٱلَّذِينَ
ٱخۡتَلَفُواْ
فِيهِ
لَفِي
شَكّٖ
مِّنۡهُۚ
مَا
لَهُم
بِهِۦ
مِنۡ
عِلۡمٍ
إِلَّا
ٱتِّبَاعَ
ٱلظَّنِّۚ
وَمَا
قَتَلُوهُ
يَقِينَۢا
١٥٧
‘අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසාව සැබැවින් ම අපි ඝාතනය කළෙමු’ යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය) නමුත් ඔවුහු ඔහුව ඝාතනය නො කළෝ ය. එමෙන් ම ඔවුහු ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවේ ද නැත. එහෙත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින් ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහුව තිරසාරව ඝාතනය නො කළෝ ය.
Continue Reading

Read Tafsir

Ibn Kathir (Abridged)

The Crimes of the Jews

The sins mentioned here are among the many sins that the Jews committed, which caused them to be cursed and removed far away from right guidance. The Jews broke the promises and vows that Allah took from them, and also rejected Allah's Ayat, meaning His signs and proofs, and th

…

The Crimes of the Jews

The sins mentioned here are among the many sins that the Jews committed, which caused them to be cursed and removed far away fro

…
More Tafsirs

Read in Context

Chapter 4, Page 103, Juz 6

153. ධර්ම ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. ඔවුහු “අපට අල්ලාහ්ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැ”යි විමසා සිටියෝ ය. පසුව ඔවුන් කළ අපරාධ හේතුවෙන් ඔවුන්ව අකුණු හඬ හසුකර ගත්තේ ය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරුව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු. 154. තවද ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීම සඳහා තූර් කන්ද ඔවුනට ඉහළින් අපි ඔසවා තැබුවෙමු. තවද ‘හිස නමා දොරටුවෙන් ඇතුළු වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු. තවද ‘සෙනසුරාදා සීමාව ඉක්මවා නො යනු’ යැයි ද අපි ඔවුනට පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු. 155. ඔවුන්ගේ ප්‍රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන්ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය) එමෙන් ම ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්‍රා තැබුවේ ය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නො කරති. 156. තවද ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද මර්යම් කෙරෙහි මහත් අවලාද පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය). 157. ‘අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසාව සැබැවින් ම අපි ඝාතනය කළෙමු’ යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය) නමුත් ඔවුහු ඔහුව ඝාතනය නො කළෝ ය. එමෙන් ම ඔවුහු ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවේ ද නැත. එහෙත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින් ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහුව තිරසාරව ඝාතනය නො කළෝ ය. 158. එහෙත් අල්ලාහ් තමන් වෙත ඔහුව ඔසවා ගත්තේ ය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය. 159. ධර්ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත.

- Ruwwad Center

Notes and Reflections

You do not have any notes or reflections on this verse.

Notes placeholders

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran.Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran.Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute