Sign in
Sign in
Sign in
Select Language
065

At-Talaq 65:5 ذالك امر الله انزله اليكم ومن يتق الله يكفر عنه سيياته ويعظم له اجرا ٥

65:5
ذَٰلِكَ
أَمۡرُ
ٱللَّهِ
أَنزَلَهُۥٓ
إِلَيۡكُمۡۚ
وَمَن
يَتَّقِ
ٱللَّهَ
يُكَفِّرۡ
عَنۡهُ
سَيِّـَٔاتِهِۦ
وَيُعۡظِمۡ
لَهُۥٓ
أَجۡرًا
٥
එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේ ය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි.
Continue Reading

Read Tafsir

Ibn Kathir (Abridged)

The `Iddah of Those in Menopause and Those Who do not have Menses

Allah the Exalted clarifies the waiting period of the woman in menopause. And that is the one whose menstruation has stopped due to her older age. Her `Iddah is three months instead of the three monthly cycles for those who menstruate,

…

The `Iddah of Those in Menopause and Those Who do not have Menses

Allah the Exalted clarifies the waiting period of the woman in menopause. And that is

…
More Tafsirs

Read in Context

Chapter 65, Page 558, Juz 28

1. අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දාව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. තවද ඉද්දා කාලය ගණනය කරනු. තවද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට බිය බැතිමත් වනු. පැහැදිලි දුරාචාරයක් සමඟ ඔවුන් පැමිණියා නම් මිස ඔවුන්ගේ නිවෙස්වලින් නුඹලා ඔවුන් පිටුවහල් නො කරනු. එමෙන් ම ඔවුන් ද පිටවිය නො යුතු ය. තවද එය අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔහුට ම අපරාධ කර ගත්තේ ය. මින් පසුව යම් කරුණක් අල්ලාහ් ඇති කරන්නට පුළුවන යන වග නුඹ නො දන්නෙහි ය. 2. (දික්කසාදයට පත්) ඔවුන්ගේ නියමිත (ඉද්දා) කාල සීමාවට ඔවුන් ළඟා වූ විට නුඹලා යහපත් අයුරින් ඔවුන්ව (භාර්යාවන් ලෙස) රඳවා ගනු. එසේ නැතහොත් නුඹලා යහපත් අයුරින් ඔවුන්ගෙන් වෙන් වනු. තවද නුඹලා අතරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂියට පත් කර ගනු. අල්ලාහ් වෙනුවෙන් එම සාක්ෂිය නුඹලා ඉටු කරනු. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරමින් සිටින්නාට මෙමඟින් උපදෙස් දෙනු ලබනුයේ එලෙසයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට බැහැර වීමේ මගක් ඇති කරයි. 3. තවද ඔහු නො සිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි. තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත් ය. නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගේ කාර්යය සිදු කරන්නා ය. සෑම දෙයකට ම නියමිත ප්‍රමාණයක් අල්ලාහ් ඇති කළේ ය. 4. තවද නුඹලාගේ බිරියන් අතරින් ඔසප් වීමේ තත්ත්වය ගැන බලාපොරොත්තු සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. තවද ඔසප් තත්ත්වයට පත් නො වූ කාන්තාවන්ට ද (එලෙස ම ය.) ගර්භණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය වන්නේ ද ඔහුගේ කාර්යය ඔහුට ඔහු පහසු කර දෙනු ඇත. 5. එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේ ය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි. 6. නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින් ම (ඉද්දා කාලය තුළ) ඔවුන්ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නො කරනු. ඔවුන් ගර්භණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් (ගෙන ඇති දරුවා) ප්‍රසූත කරන තෙක් ඔවුන් වෙත නුඹලා වියදම් කරනු. නුඹලා වෙනුවෙන් (නුඹලාගේ දරුවන්ට) ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනාකරණය කරනු. නුඹලා එකිනෙකා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් දරුවාට වෙනත් අයෙකු ලවා කිරි දෙත්වා. 7. වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කිසිවෙකුට හෝ බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසුව අල්ලාහ් පහසුව ඇති කරයි.

- Ruwwad Center

Notes and Reflections

You do not have any notes or reflections on this verse.

Notes placeholders

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran.Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran.Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute