Sign in
Sign in
Sign in
Select Language
043

Az-Zukhruf 43:69 الذين امنوا باياتنا وكانوا مسلمين ٦٩

43:69
ٱلَّذِينَ
ءَامَنُواْ
بِـَٔايَٰتِنَا
وَكَانُواْ
مُسۡلِمِينَ
٦٩
ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.
Continue Reading

Read Tafsir

Ibn Kathir (Abridged)

The Resurrection will come suddenly, and Enmity will arise between close Friends among the Disbeliev

Allah says, `do these idolaters who disbelieve in the Messengers wait'

إِلاَّ السَّاعَةَ أَن تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لاَ يَشْعُرُونَ

(only for the Hour that it shall come upon them suddenly while t

…

The Resurrection will come suddenly, and Enmity will arise between close Friends among the Disbeliev

Allah says, `do these idolaters who disbelieve in

…
More Tafsirs

Read in Context

Chapter 43, Page 494, Juz 25

68. අහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නො වන්නෙහු ය. 69. ඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ. 70. නුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.) 71. රනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පින වන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති. 72. නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි. 73. නුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරනු ඇත. 74. නියත වශයෙන් ම වැරදිකරුවන් නිරයේ දඬුවම තුළ සදාතනිකයෝ වෙති. 75. ඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නො ලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති. 76. තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නන් ලෙස සිටියෝ ය. 77. තවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි. 78. සැබැවින් ම අපි සත්‍යය සමඟ නුඹලා වෙත පැමිණියෙමු. එහෙත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති. 79. එසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන් ම අපි ද තීන්දු කරන්නෝ වෙමු. 80. ඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡාවලට සැබැවින් ම අප සවන් නො දෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති. 81. “මහා කරුණාන්විතයාණන්හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු. 82. අහස්හි හා මහපොළොවේ හිමිපාණන් වන එමෙන් ම අර්ෂ්හි හිමිපාණන් (වන ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය. 83. එහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමු වන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු. 84. තවද ඔහු වනාහි අහස්හි දෙවිඳා ය. මහපොළොවෙහි ද දෙවිඳා ය. තවද මහා ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය. 85. තවද අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වන ඔහු අතිඋත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙත ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය. 86. තවද ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර. 87. තවද ඔවුන් මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින් ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? 88. තවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මොවුහු විශ්වාස නො කරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශය ද (අල්ලාහ් දනී). 89. එහෙයින් ඔබ ඔවුන් නො සළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.

- Ruwwad Center

Notes and Reflections

You do not have any notes or reflections on this verse.

Notes placeholders

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran.Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran.Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute