Sign in
Sign in
Sign in
Select Language
011

Hud 11:105 يوم يات لا تكلم نفس الا باذنه فمنهم شقي وسعيد ١٠٥

11:105
يَوۡمَ
يَأۡتِ
لَا
تَكَلَّمُ
نَفۡسٌ
إِلَّا
بِإِذۡنِهِۦۚ
فَمِنۡهُمۡ
شَقِيّٞ
وَسَعِيدٞ
١٠٥
එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොරව කතා නො කරනු ඇත. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද, භාග්‍යවන්තයා ද සිටියි.
Continue Reading

Read Tafsir

Ibn Kathir (Abridged)

The Destruction of the Towns is a Proof of the Establishment of the Hour (Judgement)

Allah, the Exalted, is saying that in the destruction of the disbelievers and the salvation of the believers by us is,

لآيَةً

(a sure lesson). This means an admonition and lesson concerning the truthfulness of that

…

The Destruction of the Towns is a Proof of the Establishment of the Hour (Judgement)

Allah, the Exalted, is saying that in the destruction of the disb

…
More Tafsirs

Read in Context

Chapter 11, Page 233, Juz 12

96. තවද සැබැවින් ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධකය සමඟ මූසාව එව්වෙමු. 97. ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. තවද ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි වූවක් නො වීය. 98. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු (ෆිර්අවුන්) ඔහුගේ ජනයාට පෙරමුණ ගනු ඇත. තවද ඔවුන්ව (නිරා) ගින්න වෙත ගෙන යනු ඇත. තවද එසේ ගෙන යනු ලබන ස්ථානය නපුරු විය. 99. තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුහු ලුහුබඳිනු ලැබුවෝ ය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය. 100. මේවා අපි නුඹ වෙත කියවා පෙන් වන පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතරින් වේ. ඒවායින් ශේෂව පවතින දෑ ද, මුලිනුපුටා දමනු ලැබූ දෑ ද ඇත. 101. තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නො වීය. තවද ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට අධික නො කළෝ ය. 102. තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය නුඹේ පරමාධිපති ග්‍රහණය කළ විට ඔහුගේ ග්‍රහණය එලෙස ය. නියත වශයෙන් ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගත ය. 103. නියත වශයෙන් ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා ඒ වෙනුවෙන් එක්රැස් කරනු ලබන දිනයකි. තවද එය ඉදිරිපත් කරවනු ලබන දිනයකි. 104. තවද නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නො කරන්නෙමු. 105. එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොරව කතා නො කරනු ඇත. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද, භාග්‍යවන්තයා ද සිටියි. 106. අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහි ය. එහි ඔවුනට කෙඳිරි ගෑම හා මොර දීම ඇත. 107. අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නා ය. 108. තවද භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළ ය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින් ය. එහෙත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නො නවතින ත්‍යාගයක් වශයෙනි. 109. එබැවින් (නබිවරය!) මොවුන් නැමදුම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නො සිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් නැමදුම් කරන්නාක් මෙන් මිස ඔවුන් නැමදුම් නො කරති. සැබැවින් ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොරව පූර්ණව පිරිනමන්නන් වෙමු.

- Ruwwad Center

Notes and Reflections

You do not have any notes or reflections on this verse.

Notes placeholders

Stay Connected to the Quran ❤️

Short meaningful reminders to reset, reflect and stay connected to the Quran.

Read, Listen, Search, and Reflect on the Quran

Quran.com is a trusted platform used by millions worldwide to read, search, listen to, and reflect on the Quran in multiple languages. It provides translations, tafsir, recitations, word-by-word translation, and tools for deeper study, making the Quran accessible to everyone.

As a Sadaqah Jariyah, Quran.com is dedicated to helping people connect deeply with the Quran. Supported by Quran.Foundation, a 501(c)(3) non-profit organization, Quran.com continues to grow as a free and valuable resource for all, Alhamdulillah.

Navigate
Home
Quran Radio
Reciters
About Us
Developers
Product Updates
Feedback
Help
Donate
Our Projects
Quran.com
Quran For Android
Quran iOS
QuranReflect.com
Quran.AI
Sunnah.com
Nuqayah.com
Legacy.Quran.com
Corpus.Quran.com
Non-profit projects owned, managed, or sponsored by Quran.Foundation
Popular Links
Duas from the Quran
Quran Verse of the Day
Ayatul Kursi
Yaseen
Al Mulk
Ar-Rahman
Al Waqi'ah
Al Kahf
Al Muzzammil
SitemapPrivacyTerms and Conditions
© 2026 Quran.com. All Rights Reserved
Contribute